ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කඳුකරයේ නිවාස 150කට මුල්ගල් තැබේ

    නොවැම්බර් 29, 2016
    ඉන්දිය රජයේ ආධාර යටතේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය කඳුකරයේ ඉදිකරණ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීම පසුගිය දා  නුවරඑළිය ඩයගම බටහිර වතුයායේ දී සිදු කෙරුණි.
     
    වැවිලිකරය සඳහා ඉන්දියානු රජය නිවාස 4000ක් ලබාදී තිබෙන නමුත් එහෙත් එම ව්‍යාපෘතිය වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද ව පැවතුණු බව මෙම අවස්ථාවේ දී අමාත්‍ය තිගාම්බරන් මහතා පැවසීය.
     
    තමන් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව නුවරඑළිය ඩයගම බටහිර වතුයායේ නිවාස 450ක ඉදිකිරීම් ආරම්භ කිරිමට හැකි වූ බවත් තවත් නිවාස 150ක් ඉදිකිරීමේ කටයුතු අද දිනයේ දී ආරම්භ කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මෙය වතුකරයේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් මෙන් ම ඒ සඳහා උදව්උපකාර කරන ඉන්දීය රජයට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya