ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමක්

    නොවැම්බර් 30, 2016
    සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 01 වැනිදා පෙ.ව. 9.30 ට මාතර - නූපේ සණස ශාලාවේ දී පැවැත්වේ.
    මෙහි දී සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, එය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු , සාමාජිකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේද පිළිබඳව සහ දිරි දීමනා පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කෙරේ. 
     
    මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්, සමාජ සංවර්ධන සහකාර නිලධාරීන්, විෂය ලිපිකරුවන් හා ග්‍රාම නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.
     
    සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya