ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාගම "ලාවන්‍යා හයිට්ස්" නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල් තබයි

    දෙසැම්බර් 01, 2016
    රාගම, දඹුවත්ත "ලාවන්‍යා හයිට්ස්" මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල්ගල් තැබීම පසුගිය දා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    මෙම වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු භූමියක ක්‍රියාත්මක වන අතර මධ්‍යම පාන්තික ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. නිවාස ඒකක 124කින් සමන්විත ලෙස ඉදිවන මෙම නව නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ඒකක 98ක් ලක්ෂ 50බැගින් අලෙවි කරන අතර ඉතිරි නිවාස 26 ආයෝජකයාගේ අභිමතය පරිදි අලෙවි කෙරෙනු ඇත.
     
    වත්මන් ආර්ථික ප්‍රවණතා හමුවේ නිවාස සංවර්ධනය වැනි ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවලදී රාජ්‍ය මැදිහත්වීම සඳහා පවතින ඉඩකඩ අඩුවීම හේතුවෙන් රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෝකය පුරා ක්‍රියාත්මක වන බවත් මෙහිදී පෙන්වාදුන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා මෙවැනි ක්‍රම තුළින් දියුණු රටවල් විශිෂ්ට දියුණුවක් අත්පත් කරගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට ප්‍රධාන වශයෙන් ම ග්‍රාමීය නිවාස සංවර්ධනය සහ මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලක්ෂ 05ක් ඉදිකිරීම යන ප්‍රධාන වගකීම් දෙක පැවරී ඇති බවත් පෙන්වාදෙන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා 2015 වසරේ දී උදා ගම්මාන 38ක වැඩ ආරම්භ කළ බවත් 2016 වසරේ දී එවැනි ගම්මාන 148ක් ආරම්භ කිරීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි දුප්පත් කම දුරලීමේ දැවැන්ත සංවර්ධන සංග්‍රාමය දියත් වන 2017 වසරේ දී අලුත් උදා ගම්මාන 500ක්වත් ඉදිකිරීමට තම අමාත්‍යංශය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට හිටපු කාතානායකවරුයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya