ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව සහයෙන් යාපනය රෝහලේ පානීය ජල අවශ්‍යතාවය සපුරයි

    දෙසැම්බර් 02, 2016
    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ඊයේ (01) යාපනය මහරෝහල් පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    මෙමගින් යාපනය රෝහලේ ප්‍රථිකාර ලබන රෝගීන් හට මෙන්ම වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්යය මණ්ඩලයට සහ ප්‍රදේශයේ ජනතාවට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවට සපුරා ගැනීමට හැකි වනු ඇත. වකුගඩු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කාල වකවානුවක එම රෝගය තුරන් කිරීම සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉතා අඩු පිරිවැයක් දරමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය කරමින් සිටී. 
     
    නාවික හමුදා ප්‍රජා සත්කාරක අරමුදල මගින් ආරම්භ කළ මෙම ප්‍රජා සත්කාරක සේවාව මගින් අද වන විට පවුල් 28,000 කට වැඩි සංඛාවකට හා පාසල් දරු දැරියන් 20,000 කට පමණ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලැබී ඇත. 
     
    මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර, දිවයිනේ වකුගඩු රෝගය බහුලව පවතින දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. එමගින් එම ප්‍රදේශයන්හි ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමට කටයුතු කරමින් සිටින අතර, වසරකට ආසන්න කාලයක් තුළ මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 56 ක් නාවික හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇත. 
     
    එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය. තවද ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව ද එම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya