ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආබාධ සහිතවුවන්ගේ පා ගමනක්

    දෙසැම්බර් 09, 2016
     කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 නියෝජනය කරමින් ආබාධ සහිතවුවන් 450ක සහභාගීත්වයෙන් පා ගමනක් පසුගියදා පැවැත්විණි.
    ආබාධ සහිතවූවන්ගේ අයිතිවාසිකම්  ආරක්ෂා කිරීම සදහා ප්‍රවේශ පහසුකම් හා ආබාධ සහිතවූවන්ගේ දීමනාව කප්පාදුවකින්  තොරව සියලුම දෙනාට ලබාදීමට කටයුතු කිරිම , ආබාධ සහිතවුවන්ට ප්‍රමුඛතාව ලබාදීම, ඵලදායි ලෙස ඔවුන් සමාජ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමට කටයුතු කිරිම හා ආබාධ සහිතවූවන්ට හැදුනුම්පතක් නිකුත් කිරීම, යන කරුණු කෙරෙහි චක්‍රලේඛයන්ට සීමා නොකොට ක්‍රියාත්මක කිරීම සදහා අවධානය යොමුකරන ලෙස ආබාධ සහිතවූවන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    ආබාධ සහිතවූවන්ගේ සුභසාධනය සදහා වසරකට ලක්ෂ 300 ක් පමණ රජය වැයකරන බවත් පසුගිය කාලයේ වයඹ පාලාතේ ආබාධිත දරුවන්ගේ පෙරපාසල් පාලිකාවන් 17 ක් වෙනුවෙන් වයස් සීමාවකින් තොරව ස්ථිර පත්වීම් ලබා දීමට කටයුතු කල බවත් මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, වෙළද හා සමුපකාර, නිවාස හා ඉදිකිරීම්,  කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා සදහන් කලේය.  
     
    ආබාධ සහිතවූවන්ගේ සුබසාධනය සදහා විශේෂයෙන් අවධානය යොමු කරන බවත් අභියෝග ජයගැනීමට ආත්ම ශක්තියෙන් තම තමන්ගෙන් ඉටුවිය යුතු සමාජ මෙහෙවර ස්වඋත්සාහයෙන් ඉටුකිරීමට වගබලාගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
     
    අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්.එම්.තිලකබණ්ඩාර, දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී ආර්.එම්.දයාරත්න, ආබාධ සහිතවූවන්ගේ ජාතික සභාවේ සාමාජික ෆිඩ්ස්රෝ ආයතනයේ ගිහාන් ගලේකොටුව සහ වැඩසටහන් අධ්‍යක්ෂිකා කුමුදු හේරත් යන මහත්ම මහත්මීන්ට මෙහිදී ආබාධ සහිතවූවන්ගේ දිස්ත්‍රික් ස්වශක්ති සංවිධානය විසින් විශේෂ උපහාර සමරු ප්‍රධානයක් ද සිදුකළේය.
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය සහ ආබාධ සහිතවූවන්ගේ දිස්ත්‍රික් ස්වශක්ති සංවිධනය මෙම පා ගමන සංවිධානය කළේය.
     
    AP/DMU-Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya