ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2017 වසරේ දී රෝහල් 8කට අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක

    දෙසැම්බර් 11, 2016
    2017 වසරේ දී රෝහල් 08ක අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මිලියන 528ක්, මහනුවර ශික්ෂණ රෝහලට මිලියන 700ක්, නැගෙනහිර කොළඹ මූලික රෝහලට මිලියන 554ක්, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 495ක්, හලාවත දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 762ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 525ක්, අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 566ක් හා ගම්පොළ මූලික රෝහලට මිලියන 371ක් වශයෙන් වෙන් කොට ඇත.
     
    බදුල්ල මහ රෝහලේ මිලියන 621ක් යටතේ ඉදිවන නව ඒකකය සඳහා ඇස්තමේන්තු සකස් කෙරෙමින් පවතින අතර මාතර මහ රෝහලේ මිලියන 459ක් යටතේ ඉදිවන ඒකකයේ ද මූලික කටයුතු අවසන් කර ඇත.
     
    මීට අමතර ම යාපනය ශික්ෂණ රෝහලට මිලියන 590ක්, කළුතර දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 468ක්, පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 467ක් හා කල්මුණේ උතුර මූලික රෝහල සඳහා මිලියන 372ක් මේ වසරේ දී වෙන් කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya