ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය සහ පූජා භූමිය සංවර්ධනය කෙරේ

    දෙසැම්බර් 14, 2016
    අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය සහ පූජා භූමිය සංවර්ධන කටයුතු ප්‍රධාන සැලැස්මක් යටතේ විධිමත් ව සිදුකිරීමට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නීතිය  හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී ඇත.
     
    මාවනැල්ල, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය සහ පූජා නගරය සංවර්ධනය කිරීම පිළිබඳ ව පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය  හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
     
    එමෙන් ම දේවාල භූමිය සංවර්ධනයේ දී එහි පවත්නා පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබීය. 
     
    දේවාලයට සහ දේවාලය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ගද මෙහිදී සාකච්ජාවට ලක් වී ඇත.
     
    මෙම අවස්ථාවට මහනුවර විෂ්ණු දේවාලයේ සහ දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි කරුණාරත්න යන මහත්වරුන් මෙන්ම ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුලු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya