ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොල්ලෑවත්ත ජලාශය ප්‍රතිෂ්ඨාපනය කිරීමට මිලියන 320ක්

    දෙසැම්බර් 18, 2016
    රුපියල් මිලියන 320ක් වැය කරමින් මඩුල්ල බිගොඩ කොල්ලෑවත්ත ජලාශය ප්‍රතිෂ්ඨාපනය කිරීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
     
    මේ හරහා රඹකැන්ඔයෙන් හා සේනානායක සමුද්‍රයෙන් වාරි ජලය නොලැබෙන ගල්ගමුව, තෙල්ලියද්ද, දමනේගම, මියන්තලාව, රතුගල ප්‍රදේශවල ජනතාවට මේ හරහා ප්‍රතිලාභ හිමි වේ.
     
    උන්නිච්චි ආරු හි අතු ගංඟාවක් වන කොල්ලෑවත්ත ආරු හරහා මෙම ජලාශය ඉදිකිරීමට යෝජනා වී ඇති අතර ජලාශයේ යෝජිත ධාරිතාවය ඝන මීටර් මිලියන 1.44ක් වේ. මෙම ජලාශයට දිග මීටර් 428ක් හා උස මීටර් 15ක පස් බැම්මක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත.
     
    මේ හරහා වගාබිම් අක්කර 500ක් සඳහා වාරි පහසුකම් සැපයීම මගින් ගොවි පවුල් 300කට ආර්ථික ප්‍රතිලාභ සැලසෙන අතරම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හඳුන්වාදීම, ප්‍ර දේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සැපයීම හා යටිතල පහසුකම් සංවර්ධනය හරහා ජනතාවගේ ජීවන තත්ත්වට උසස් කිරීමත් අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya