ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා 500ක්

    දෙසැම්බර් 19, 2016

    හම්බන්තොට ඉඳලා මොණරාගල දක්වා කර්මාන්ත ශාලා 500ක් විවෘත කරන්න කටයුතු සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිතුමා හා අගමැතුමා ජාත්‍යන්තරයෙන් මෙම ආයෝජන අවස්ථා ලබාගත් බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.


    මහනුවර අඹතැන්න පූජාපිටිය මාර්ගයේ 1 කණුව සිට බුළුගහතැන්න දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කරමින් අමාත්‍යවරයා පසුගියදා මේ බව සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,  

    "චීන රජය අපිට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. චීනේ අය ඇවිල්ලා කර්මාන්ත ශාලා විවෘත කරලා, ඉන්දියාවට භාන්ඩ අපනයනය කරන්න සූදානම් වෙනවා. අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා අපේ රටේ නිෂ්පාදනය කරන භාන්ඩ ඉන්දියාවට යවන්න. මේකේ ලොකු සැලැස්මක් තියෙනවා. අපේ දරුවන්ට රැකියා ලක්ෂ ගණනක් ලබාදෙන්න පුළුවන් වැඩසටහනක් අපේ අගමැතිතුමායි ජනාධිපතිතුමායි ආරම්භ කරලා තියෙනවා. මේ ආයෝජන එන එක නවත්තන්න. රටේ ආර්ථිකය විනාශ කරන්න, අපි ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්නවා.

     

    අද අන්තවාදය හිස ඔසවන්න හදනවා. අපි පාසල් යන කාලේ අපේ පන්තිවල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියක්ම හිටියා. සුද්දන්ගේ ළමයිනුත් හිටියා. මේ ජාතික සමගිය පටන් ගන්න  ඕනේ පාසලෙන්. පාසලට ඇතුලත් කරනකොට සිංහල ළමයි වෙනම, ද්‍රවිඩ ළමයි වෙනම වර්ග කිරීම නිසා තමයි මේ අපේ රටේ මේ ප‍්‍රශ්ණ ඇති වුනේ. අපි ඉගෙනගන්න කාලේ එහෙම තිබුණෙ නැහැ. ඒ කාලේ ජාත්‍යන්තර පාසල් තිබුනේ නැහැ. තානාපතිවරුන්ගේ ළමයිනුත් ආවේ අපේ පාසල්වලට. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියක්ම හැම කුලයක්ම එක පන්තියේ හිටියේ. ජාතික සමගිය ඇති කරන්න පටන් ගන්න  ඕනේ පාසලෙන්. අද කරන්නේ පාසලේ ඉඳලම ළමයි වෙන් කරනවා. කොහොමද අපි ජාතික සමඟිය ගැන කතා කරන්නේ. අනාගතයේ අපේ රජය මේ පිළබඳ විශේෂ පියවරක් ගන්නවා."

    මෙම අවස්ථාව සඳහා තැපැල් , තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඇතුළු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya