ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ ඩෙංගු රෝගීන් 2,500 ක්

    දෙසැම්බර් 20, 2016
    ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් සහගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවට ඊයේ පැවති(19) දිස්ත්‍රික් ඩෙංගු කමිටුවේ දී අණාවරණය විය. ඒ අනූව මේ වන විට නිශ්චිතව රෝගීන් 2500ක් පමණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමූ වී ඇත.
    ඉන් සීග්‍ර වර්ධනයක් අම්බලන්ගොඩ බල ප්‍රදේශයෙන් වාර්තාවන බවත් එය ප්‍රමාණාත්මකය 229 ක් බවත් ගාල්ල වසන්ගත රෝග ඒකක ප්‍රදානී වෛද්‍ය කේ සිංහාරච්චි මහතා සඳහන් කර සිටියේ ය.
     
    මේ වනවිට අක්මීමන රෝගීන් 220ක් , බද්දේගම 65ක්, බලපිටිය 93ක් ගාල්ල නගර සීමාවෙන් රෝගීන් 458 ක් බෝපපෝද්දල 120ක් වශයෙන් රෝගීන් වාර්තා වී ඇත. 2014/15 වසරට සාපේක්ෂව ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හම්බන්තොට හා මාතර යන දිස්ත්‍රික්කයන් අභිබවා ගොස් ඇති බවත් වෛද්‍ය කේ සිංහාරච්චි මහතා පෙන්වා දෙයි.
     
    අවිධිමත් කැලි කසල හා අපද්‍රව්‍ය බැහැර කිරීම මෙයට මූලිකම හේතුව බවත් ඒ සඳහා කඩිනම් වැඩපිළවෙලක් නොයෙදුවොත් වසංගත රෝග තත්වයක් දක්වා මෙය වර්ධනය වීමට ඉඩ ඇති බවට කේ. සිංහාරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya