ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂාව පිළිබඳ නිල්වලා විද්‍යාපීඨයේ සිසුන් දැනුවත් කෙරේ

    ජූනි 19, 2014
    ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ගුරු පුහුණු සිසුන් ළමා ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සංවිධානය කර ඇති අතර මාතර දිස්ත‍්‍රික්කයේ නිල්වලා විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර විල්පිට නිල්වලා විද්‍යා පීඨ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
    මෙහිදී ළමා මනස හඳුනාගැනීම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීම සහ ළමා ආරක්ෂාව යන මාතෘකා පදනම් කරගෙන සිසුන් දැනුවත් කරන ලදි. මේ සඳහා 250ට ආසන්න සිසුන් පිරිසක් සහභාගි වූහ.
     
    සම්පත් දායකත්වය සපයන ලද්දේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හා මාතර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසිනි.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ මාතර දිස්ත‍්‍රික් ළමා ආරක්ෂක නිලධාරී ජේ.ඩබ්. රෝහණ කුමාරසිරි මහතා ඇතුළු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය විසින් මෙම දැනුවත් කිරීම් වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    DB/TI/Dmu matara
     
    IMG 1105

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya