ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවෙන් හානි වු රඹුක්කන 38 කට ළගදීම ඉඩම්

    දෙසැම්බර් 25, 2016

    පසුගියදා ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන්  රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අධි අවධානම් කලාපයක්  ලෙස නම් කිරිමෙන් නිවාස අහිමි වන පවුල් 38 ක් සඳහා  කෑගලු වැවිළි සමාගමේ ඉදැල්ල වත්ත කොටසින්  ඉඩම් ලබා දිමට කටයුතු යොදා ඇති බව රඹුක්කන ප්‍රාදේශිය ලේකම් මොහාන් විජේරත්න මහතා පවසයි.

    අදාළ ඉඩම් කොටස් 38 සඳහා බිම් සලකුණු කර කට්ටි වෙන් කර ඇති අතර , මේ  මාසය අවසන් විමට ප්‍රථම අදාළ  ප්‍රතිලාභින්ට ඉඩම් ලබා දීමට හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රඹුක්කන ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

    එසේම මධ්‍ය අවදානම් සහිත නිවාස 4 ක්ද හඳුනාගෙන තිබේ. ඒ අය තමන් විසින්ම නිවාස සාදා ගැනීමට කැමැත්ත පළ කර තිබෙන අතර ඒ අයට වන්දි ගෙවීමට  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මගින් අපදා කළමනාකරණ අමාත්‍යාංශයට දන්වා ඇති බව ද ප්‍රාදේශිය ලේකම්රයා වැඩි දුරටත් පැවසීය.

     

    DMU_ Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya