ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විගමනක දෙමාපිය දු දරු ශීෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

    දෙසැම්බර් 29, 2016
    විගමනක දෙමාපිය දු දරු ශීෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ තවත් අදියරක් අද  විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ දී පැවැත්විණි. 
    දකුණු පළාත සහ ඌව පළාත නියෝජනය කරමින් දුවා දරුවන් 427 දෙනෙකු සඳහා ශීෂ්‍යත්ව ප්‍රදානය කිරීම අමාත්‍යවරයා වෙතින් සිදු විය. මේ සඳහා රුපියල් මිලියන 8.3 ක මුදලක් වෙන් කර ඇත.
     
    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ නි.අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා සඳහන් කර සිටියේ දෙමව්පියන් විදෙස් ගත වූ විට සමාජය තුළ ඇතිවන මතවාදය සුබ දායි නොවන බවයි. එහෙත් එම තත්වය වෙනස් කිරීමේ හැකියාව එකි දෙමව්පියන්ගේ  දුවා දරුවන් ට හැකියාව පවතින බවයි.  “සැම අවස්ථාවකම විදේශ සේවා අමාත්‍යංශය සහ විදෙශ රැකියා නියුක්ති කාර්යංශය විදෙස් හි සේවය කරන අප රටේ ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටිනව. ඔවුන්ගෙන් ලැබෙන ආදායම මේ රටේ වැඩිම විදේශ විනිමයයි.එසේ නම් ඔවුන්ගේ දුවා දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන්ව ආරක්ෂා කිරීම අපි සතු වග කීමක්. ඇතැමි විට සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය මගින් නිසියාකාරව සොයා බැලීමකින් තොරව පීඩාවට පත් වූ විදෙස් වෘත්තිකයන් පිළි බඳව ප්‍රචාරය කරනව.සොයා බැලුවිට ඔවුන් නිසි යාකාරව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීමකින් තොරව විදෙස් ගත වූවන්. හොඳම නිදර්ශනය රිසානා නාෆික් සිදු වීම එවැනි නිවැරදි වයස් කාණ්ඩයකින් තොරව විදෙස් ගත වූවෙක්.
     
    වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා වසර 20 ක කාල සීමාවක සිට මෙම ශීෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක්යි. මේ වන විට ඒ සඳහා මිලියන 670 ක මුදලක් අපි වැය කර තිබෙනවා. නමුත් එය අපිට ගැටළුවක් නොවෙයි. ශිෂ්‍යත්ව ලාභීන් දෙගුණ තෙගුණ වුවත් අපි ශිෂ්‍යත්වය අඛණ්ඩව ලබා දෙනව.එය අපේ වග කීමක්. මෙම දරුවන් මෙරට සුවිශේෂි පිරිසක් .ඔවුන් දෙමව්පිය රැකවරණය නොමැතිව ඔවුන්ගේ උණුසුම නොමැතිව ස්වොත්සාහයෙන් නැගී සිටන පිරිසක්. අපේ වග කීම ඔවුන් රැක බලා ගැනීම“
     
    මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජී එස් විතානගේ මහතා සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ සභාපති රාජු ඔබේසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya