ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ ජීවිත උකසට තබන්නේ නෑ - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

    ජනවාරි 02, 2017
    විදේශගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා නීති රීති දැඩි කරන විට කූඨ ව්‍යාපාරිකයින් විදේශ රැකියා අමාත්‍යාංශයට නොයෙක් චෝදනා කරන බවත් කුමන අභියෝග පැමිණියත් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා ගනු ලබන පියවර ලිහිල් නොකරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
     
    කිසිවෙකුටවත් බිය වී විදේශගත ශ‍්‍රමිකයින්ගේ ජීවිත උකසට තැබීමට කටයුතු නොකරන බවද විදේශගත ශ‍්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් ගාල්ල නගර ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.
     
    එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
     
    "විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් ගැන කතා කරන විට සමාජයේ ඇති කතිකාව තරමක් වෙනස්. අද දරුවන් තාත්තා ළඟ දමා අම්මලා විදේශ රැකියා සඳහා පිටත්ව යනවා. තාත්තා බීමතට ඇබ්බැහි වෙලා දරුවන් සමාජයේ අනාථ වන ආකාරය ගැන තොරතුරු අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මෙතැන අද ඇවිත් ඉන්නේ ඒ සියලු ම කතා බිද දමා ජීවිතය ජයගන්නා දරුවන්. මේ දරුවන්ගේ අම්මලා තාත්තලා විදේශ ගත වෙලා ඉන්නේ මේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරිමටයි".
     
    "මිලියන 670ක මුදලක් විගමනික ශ‍්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට වැය කර තිබෙනවා. මේ වසරේදී ශිෂ්‍යත්ව ලාභීන්ගේ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. ශිෂ්‍යත්ව ලාභීන්ගේ සංඛ්‍යාව දෙගුණ තුන්ගුණ වුනත් අපි ඔබට ශිෂ්‍යත්ව ලබාදෙනවා".
     
    නිෂ්පාදන ආර්ථිකයකට යනවා වෙනුවට ශ‍්‍රමිකයින් විදේශ ගත කරලා මුදල් ඉපයීම ගැන රටක් ලෙස අපි ලැජ්ජා විය යුතු යැයි ද ඒ අතරේ රටට විදේශ විනිමය ගෙනඒම සම්බන්ධයෙන් ඔබේ අම්මලා තාත්තලාට අපේ ප‍්‍රණාමය හිමිවිය යුතු යැයි ද පැවසීය. 
     
    මේ අවස්ථාව සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්.විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති රාජ් ඔබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya