ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට 86වැනි උදාගම්මානයට මුල්ගල් තැබේ

    ජනවාරි 03, 2017
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, උද්ධකන්දර, කොරගහඋල්පත ප්‍ර දේශයේ ඉදිකරනු ලබන නිවාස 23කින් සමන්විත "සෝමසමිඳුගම" උදාගම්මානයට මුල්ගල් තැබීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිවන 86වැනි උදාගම්මානය වේ.
     
    2016 වසරේ මහා භාණ්ඩාගාරයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය වෙත වෙන්කළ ප්‍රතිපාදනවලින් 100%ක් ම රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා යොදා ගත් බව මහත් අභිමානයෙන් යුතු ව ප්‍රකාශ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    2017 වසරේ දී ද මෙම කාර්ය භාරය දෙගුණ තෙගුණ කරමින් රටේ ජනතාවට තිරසාර සෙවණක් නිවසක උරුමය ලබාදෙන්නට තම අමාත්‍යංශය සූදානම් බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ අවසන් ඉලක්කය වන්නේ වසර 2025 වන විට සැමට සෙවණ උදා කරදීමට බවද අමාත්‍යවරයා කීය.
     
    2017 වසරේ දී උදා ගම්මාන 500ක් ඉදිකිරීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ජනවාරි මාසයේ දී පමණක් නව උදා ගම්මාන 140ක වැඩ ආරම්භ කරන බවත් වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya