ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ ආදායම් බලපත්‍රය ලබා දීම අන්තර්ජාලයෙන්

    ජනවාරි 04, 2017
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ මෝටර් රථ හිමියන් සඳහා e ආදායම් බලපත්‍ර ක්‍රමය අද (04) සිට ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරනු ලැබීය. එහි සමාරම්භය පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ දී සිදුවිය.
     
    සබරගමුව පළාත් සභාව,මෝටර්රථ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය, රක්ෂණ සමාගම්, දුම් සහතික නිකුත් කරන ආයතන (eco test) සහ අන්තර්ජාල සේවාවන් ලබා දෙන ආයතන ඇතුළු ආයතන රැසක් එක්ව මෙම e ආදායම් බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නංවා ඇත.
     
    මාර්ගගත (Online) ක්‍රමය යටතේ ඉදිරියේ දී සබරගමුව පළාතේ මෝටර්රථ දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී  ඇති සියලු ම මෝටර් රථ සදහා මෙම e ආදායම් බලපත්‍ර ලබාගත හැකිය.
     
    ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් හෝ වෙනත් අන්තර්ජාල ගෙවීම් ක්‍රම භාවිතා කර අදාල බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් සපයා සලසා ඇත.
     
    මේ දක්වා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සබරගමුව පළාත් සභාව ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම වෙනුවට ඍජුවම අන්තර්ජාලය ඔස්සේ පැය 24 පුරාවටම වර්ෂයේ සෑම දිනක ම මෙම පහසුකම් සලසා ඇත. සබරගමුව පළාතේ වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර 28 000ක් පමණ ලියාපදිංචි වේ.
     
    ඒ අනුව රුපියල් මිලියන 625 වාර්ෂික ආදායමක් මෙමගින් පළාත් සභාව උත්පාදනය කරයි.
     
    ඉදිරියේදී අන්තර්ජාල පහසුකම් භාවිතා කළ හැකි දුරකථන ඔස්සේ ද වාහන ආදායම් බලපත්‍ර ගෙවීමට සබරගමුව පළාතේ මෝටර් රථ හිමිකරුවන්ට අවස්ථාව සැලසේ.
     
    මෙම e ආදායම් බලපත්‍ර ක්‍රමයට අමතරව ඊට පෙර පැවති ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමයද ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් වන කපිල පෙරේරා, ශ්‍රියානි පද්මලතා, ඒ.එම්. ඥානසේන, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන, අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක කංචන තුඩුගල්ල යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya