ඒ අනුව රුපියල් ලක්ෂ 640 ක වියදමකින් යුතුව ඉදිකළ බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම 11 වන සෙනසුරාදා දින පෙ.ව.9.00 ට සිදු කිරීමට නියමිතය. රුපියල් ලක්ෂ 1800 ක වියදමකින් යුතුව ඉදි කරන කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ රුපියල් ලක්ෂ 730 ක වියදමකින් යුතුව ඉදි කරන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නව පරිපාලන ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම 13 වන සඳුදා පෙ.ව.10.30 ට සිදු කිරීමට නියමිතය. ලක්ෂ 650 ක වියදමකින් යුතුව ඉදි කළ හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම එදින ප.ව. 2.00 ට එම කාර්යාල භූමියේදී සිදු වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් මෙම නව ගොඩනැගිලි ඉදිකිරිම සිදු වෙයි. මේ තුළින් වඩා කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම රජයේ අරමුණයි.



















