ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මුහුණු පොතේ මිතුරන්ගෙන් රුක් රෝපණ වැඩ සටහනක්

    අප්‍රේල් 08, 2017

    බුලත්කොහුපිටිය, හාතාගොඩ ප්‍රදේශයේ මුහුණත් පොතේ මිතුරන් කිහිපදෙනෙක් එක්ව රුක් රෝපණ වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

    මේ යටතේ දොඹ, කුඹුක්, නා, හොර වැනි ගාක වර්ග වගා කෙරෙයි. දැනට පාසල් හා රජයේ ඉඩම්වල මෙම වන වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර පැල පන් දහසක් වගා කිරීම මෙහි ඉලල්කය වන බව ද එම මුහුණත් පොතේ මිතුරු සංසදය පවසයි.

    මේ යටතේ බුලත්කොහුපිටිය, හාතාගොඩ සිරිවර්ධන බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය පරිශ්‍රයේ දී පැල සිටුවීමේ වැඩ සටහනක් පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට රුවන්වැල්ල පොලිස් ස්ථානය, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයෝ ද, හාතාගොඩ විදුහලේ දරුදැරියෝ ද , දොමාපියෝ ද සහභාගි වී සිටියහ.

    DMu/kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya