මෙදින සිල් ගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඒස් ටී කොඩිකාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. උදෑසන ආගමික වතාවත් ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානධිපති, කණුමුල් දෙනියේ චන්දවිමල නායක හිමිපානන් විසින් සිදු කරන ලදී.



















