තොග ගබඩා පරීක්ෂා 11ක් ද, අලෙවිසැල් ලියාපදිංචි කිරීම් 16 ක් ද, පොහොර සාම්පල් ලබා ගැනිම් 14 ක් ද, පුහුණු වැඩසටහන් 10 ක් හා ආනයන බලපත්‍ර සඳහා පොහොර සාම්පල් ලබා ගැනීම් 10 ක් ද සිදු කර තිබේ.
තවද 2017 යල කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන යටතේ පළමු දෙවන තෙවන අදියරයන් යටතේ ගොවින් 15,730 කට හෙක්ටයාර් 7272.85 ක භූමි ප්‍රමාණයකට රුපියල් 92 100 000 ක මුදලක් බැංකු ගත කර ඇති බව ද ඵ් මහතා සදහන් කරයි.
2017 ජුනි මස 30 දිනට පොහොර සහනාධාර මුදල් ලබා දිමේ කටයුතු අවසන් කර ඇති අතර ඵම දිනය තවදුරටත් දීර්ඝ නොකරන බව ද සහකාර අධ්‍යක්ෂ බී.ජී.ජයසේන මහතා දන්වා සිටියි.
මෙම තොරතුරු දක්වා සිටියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 27 වෙනි දා පැවැති රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ය.