රත්නපුර, කිරිඇල්ල සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ රජයේ ඉඩම්වල දීර්ඝ කාලයක් ජීවත්වන පදිංචිකරුවන් මුහුණපාන ගැටළු හා ඊට විසදුම් ලබාදීම වෙනුවෙන් හමුවක් පැවැත්වීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.
ඒ අනුව හෙට (06) පෙරවරු 09.00 ට රත්නපුර මිහිදු විද්‍යාලයේ දී සහ පස්වරු 02.00 ට කුරුවිට කටුතියඹරාව විහාරස්ථානයේ දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ජීවත්වන පදිංචිකරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු යොදා ඇත.