ග්‍රාමීය මට්ටමේ පවතින ගැටළු හදුනාගෙන ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ව්‍යාපෘතියක් වෙනුවෙන් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රජය මගින් ලබාදුන්න ද එම ව්‍යාපෘතිවල භෞතික නිමි වටිනාමක ලක්ෂ තුනකට වඩා වැඩි බවද රත්නායක මහතා පැවසීය.
ගමට කෝටියක් වැඩසටහන තුළින් ගමේ තරුණ තරුණියන්ගේ කණ්ඩායම් හැගීම, අභියෝග ජයගැනීම හා ගැටළු කළමනාකරණය කිරීමට තරුණ තරුණියන් හුරුකරවීමද මෙමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති ඇගැයීමකට ලක්කර හොඳම ව්‍යාපෘති 10 සමාජිකයන් සඳහා විදේශ සංචාර ලබාදීමටද කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.