එම රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව සොයාබැලිම සඳහා මහනුවර මහ රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදු කරන ලද අතර, එහි ඉදිකිරිම් කටයුතු කඩිනම් කරන ලෙස ද නියෝග කරන ලදි.
රෝහලට අවශ්‍ය උපකරණ ඇණවුම් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය. ඇදන් 380 කින් යුත් මෙම රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට ද නියමිතය. ඉදිරියේ දී බෝනොවන රෝග අවධානම ඉහළයාම හේතුවෙන් ඒ සඳහා සුදානම්වීමේ අරමුණින් මෙම රෝහල ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.