ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඇල්පිටිය ඉගල්කන්ද ප‍්‍රාදේශීය ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානයේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදු කෙරුණි.
නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යෝජිත මුදල රුපියල් ලක්ෂ 150 කි. මෙම අවස්ථාවට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ සභාපති ෂෙහාන් සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.



















