ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දෙසතිය පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණය අද හලාවතදී

    ජූලි 07, 2014


    රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ “දෙසතිය” සඟරාව අනුග්‍රහයෙන් වර්තමානයේ සාකච්ඡාවට බඳුන්වන නව මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් “සමාජ මාධ්‍ය හා නව යෞවනය” යන මැයෙන් පාසල් සිසු-සිසුවියන්  සඳහා සම්මන්ත්‍රණ මාලාවක් දිවයින පුරා පවත්වනු ලබයි. මෙවර සම්මන්ත්‍රණය හලාවත ආනන්ද ජාතික පාසලේදී  අද (07) පෙරවරුවේදී ආරම්භ විය.


    මෙහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඅංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටී. නන්දසාර යන මහත්වරු දේශන පැවැත්වීමට නියමිතය.

    “ෆේස් බුක් ”ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ පාසල් සිසු-සිසුවියන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

     

    ECB/JHS_dmu_Puttalam

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya