ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ප්‍රජාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

    නොවැම්බර් 05, 2017
     
    ශ්‍රී ලංකාවේ ස්ථිර නිවාස නොමැති ධීවර පවුල්වලට නිවසක් ඉදි කර ගැනීම සඳහා මෙන්ම අඩක් නිම කළ නිවාසවල ප්‍රමුඛතාව මත සම්පුර්ණ කළ යුතු කොටස් නිම කිරීම සඳහා මුල්‍යාධාර පිරිනැමීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. 
     
    ඒ යටතේ දැනට ස්ථිර නිවාස නොමැති ධීවර ජනතාවට ස්ථිර නිවාසයක් ඉදි කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක්ද, වැඩ අවසන් කර නොමැති නිවාසවල වහා අවසන් කළ යුතු වැඩ කොටස් ඉටු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක්  ආධාර වශයෙන් ලබා දීම සිදු කෙරේ.
     
    ඒ යටතේ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 339කට  නිවාස සකස් කර ගැනීම සඳහා එක් නිවසකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීම හා තවත්  වැඩසටහන් කිහිපයක් පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැති මෙම උත්සවයේ දී රුපියල් ලක්ෂ 339ක  ආධාර මුදල් ජනතාවට පිරිනැමුණු අතර, එයට සමගාමීව ධීවර ජීවනෝපාය මාර්ග නගාසිටුවීම සඳහා  ඔරු 26ක්, කොල්ලෑ 44ක්, මත්ස්‍ය බහලුම් පෙට්ටි 23ක් හා ධීවර ප්‍රජාවගේ සනීපාරක්ෂක පහසුකම් නැංවීම සඳහා රුපියල් 30,000ක බැගින් ධීවර පවුල් 50කට වැසිකිළි ඉදි කර ගැනීම සඳහා මුල්‍ය පහසුකම් ද පිරිනැමිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya