ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම 10දා

    ජූලි 08, 2014
    2014 වර්ෂයේ තෙවන මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 10දා පෙ. ව. 9.00 ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත. 
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහණයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා විවිධ තීන්දු තීරණ එහිදී ගැනීමට නියමිත බව මාතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     
    ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය අවම කර ගැනීම සඳහා දිස්ත‍්‍රික්කයක් වශයෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. එපමණක් නොව ළමයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ළමා සුභසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරේ. 
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය මෙම රැස්වීම සංවිධානය කරනු ලබයි.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුලු ළමා සංවර්ධන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොලිසිය මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya