ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වව්නියාවේ කාන්තාවන්ට මැහුම් පුහුණු මධ්‍යස්ථාන

    නොවැම්බර් 15, 2017

    වව්නියාව ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ඔවුන් ස්වයං රැකියා සඳහා යොමුකිරීමට මැහුම් පුහුණු මධ්‍යස්ථාන 14 ක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මඟපෙන්වීම යටතේ පසුගියදා වව්නියාව ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

    මෙම එක් මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් වැයවී ඇති අතර මෙම පුහුණු මධ්‍යස්ථාන 14 මඟින් ප්‍රදේශයේ තරුණියන් තුන්සීයකට ආසන්න පිරිසකට සාර්ථක මැහුම් පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇත.

     

    මැනික්ෆාම්, සින්නසිප්පිකුලම්, පාවට්කුලම්, ආන්ඩිය පුලියන්කුලම්, සාලම්බිකුලම්, සූඩුවේන්දපුලව් යන ග්‍රාමසේවා වසම් නියෝජනය කරමින් මෙම පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කොට ඇත.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගලුම් ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දී ඇත.

     

    මෙම මැහුම් පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට උතුරු පළාත්සභා මන්ත්‍රී කේ.ජයතිලක, ඇඟලුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මුත්තු මොහොමඩ්, අබ්දුල් බාරි ඇතුලු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya