එය 2011 වසරේ මෙම කාලපරිච්ඡේදය තුළ රුපියල් මිලියන 0.062කි. ඒ අනුව 2011 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය 974කි. 2014 වර්ෂයේ එම කාලසීමාව තුළ ගෙඩි 294536ක් ලෙස අපනයනය වර්ධනය වී ඇත.තැඹිලි කල් තියාගත නොහැකි වීම මීට පෙර තැඹිලි අපනයනය කිරීමට තිබූ විශාල බාධාවක් විය. දැන් තැඹිලි ගෙඩියක් දින 20ක් පමණ තබා ගත හැක පරිදි ක්‍රමවේදයක් පොල් පර්යේෂණ ආයතනය මගින් සොයාගෙන ඇති බැවින් තැඹිලි අපනයනය මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇත.
වාණිජ වශයෙන් විශාල ලාභයක් තැඹිලි අපනයනය කිරීමෙන් ලබාගත හැකි වන අතර, මෙරටින් වැඩි තැඹිලි ගෙඩි ප්‍රමාණයක් මැද පෙරදිග රටවලට අපනයනය කෙරෙන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ECB