මේ යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ව්‍යාපෘති සඳහා පවරාදී ඇති ඉඩම් කොටස් කිහිපයක් සම්බන්ධයෙන් සාක්ච්ඡා වූ අතර එම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීමට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිළධාරින්ට විශේෂ උපදෙස් ලබාදුණි.
මෙම සාකච්ඡාව සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී හැරිසන් මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම්, පශුසම්පත් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, ඉඩම් අමාත්‍යාංශයයේ අතිරේක ලේකම් ඇතුළු එහි නිළධාරින්, ඉඩම් කොමසාරිස් ජෙනරාල්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි නිළධාරින් එක්වූහ.