ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2018 ගාල්ලේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ව්‍යයසායකයින්ට වැඩි ඉඩක්

    පෙබරවාරි 02, 2018

    රැකියා දසලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සවිබල ගැන්වීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කළ ස්වශක්ති ණය දීමේ වැඩසටහන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් සාර්ථකව ක්‍රියාවට නැංවීය. මේ යටතේ මහ බැංකුව මගින් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 901දෙනෙක් සඳහා ණය අනුමත කර තිබේ. ණය ලබා දුන් ප්‍රමාණය 620කි. ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපර සංවර්ධන අංශය මේ පිළිබඳව සඳහන් කර සිටියේ ය.

    ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ස්වශක්ති ණය වෙනුවෙන් ලද  මුළු අයදුම්පත්‍ර සංඛ්‍යාව 5612ක් වන අතර ඉන් අවුරුදු 45ට වැඩි වීම, සිල්ලර වෙළඳාම් , අසම්පූර්ණ ඉල්ලුම් පත්‍ර, පවත්නා ව්‍යාපාර ආදී විවිධ හේතු මත 2540 ක අයදුම්පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබේ.සකස් කළ මුළු ව්‍යාපාර සැලසුම්  ප්‍රමාණය 1425ක් වන අතර 620ක් සඳහා දැනට ණය ලබා දී තිබේ.

     

    මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රධාන අරමුණ වශයෙන් ගත් නව ව්‍යාපාර බිහි කිරීමේ අභිලාශයට උර දුන් ව්‍යාපෘති පසු විපරම් කිරීමද රජය මගින් සිදු කෙරේ.ණය ලබා දුන් පසු ව්‍යාපෘති 603ක් එසේ පසු විපරමට ලක් කර තිබේ.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපර සංවර්ධන අංශය සඳහන් කර සිටියේ, 2018 වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කය විසින් යෝජනා කල ක්‍රියාකාරි සැලැස්ම වැඩසටහන් රැසක් අන්තර් ගත කොට ඇති බවත්ය. කුඩා ව්‍යාපර ලියාපදිංචිකොට ජාතික තලයට එසවීමේ ග්‍රාමිය මට්ටමේ ව්‍යාප්ත කරනු ලබන වැඩසටහන එහිදි ප්‍රමුඛ වෙයි.

     

    එය ජංගම සේවවක් වශයෙන් ක්‍රියාත්මක කිරිමට යොජිත අතර, 2018 වසර සඳහා එවැනි ජංගම සේවවන් 200ක් පැවත්විමට අපෙක්ෂිතය. එමෙන්ම සංචාරක ප්‍රවර්ධනයට ගැලපෙන නිශ්පාදන වෙනුවෙන් වැඩි ඉඩක් ලබා දිමටත් නව නිර්මාණ එලි දැක්විමට අවශ්‍ය වේදිකාවක් සැපයිමටත්, දිස්ත්‍රික් කුඩා ව්‍යාපර සංවර්ධන අංශය සැලසුම් සකස් කර ඇත.G.M.P (Good Manufacture process) සහතිකය ගාල්ල දිස්ත්‍රික්කයේ තොරාගත් ආහාර නිශ්පාදකයින්ට ඉදිරියේ දි ලබා දිමට වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මකය.එය අධික මුදලක් වැයවන ක්‍රියාවලියක් වුවද තම අනුග්‍රහය ලබා දිමට ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපර සංවර්ධන අංශය තිරණය කොට ඇත.

    ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya