ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    48වන උදා ගම්මානය මොණරාගලට

    මාර්තු 07, 2018
    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 48වන උදා ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, කිතුල්කොටේ හෙළසිහගම හෙට (08) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    නව නිවාස 22කින් සමන්විත හෙළසිහගම ගම්මානයේ ඉදිකිරීම් 2016 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කොට ඇති අතර නිවාස ඉදිකරගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලෙස ලබාදී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වූ ගම්මානයකි.
     
    මෙම නව නිවාස ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර 05කි. සෑම නිවසක් ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල් රුපියල් මිලියන 13.49කි.
     
    මෙම ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ දී එහි නිවාසලාභී පවුල් 22 සඳහා නිවාස හිමිකම්පත් ලබාදීම,  ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක වටිනාකමකින් යුතු විසිරි නිවාස ණය චෙක්පත් ලබාදීම, ශිල්ප සවිය ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තොරාගත් අභ්‍යාසලාභීන් 100දෙනෙකුට රුපියල් මිලියන 4.6ක් වටිනා වෘත්තීය පුහුණු කට්ටල, විෂයානුබද්ධ පෙළපොත් සහ නිල ඇඳුම් කට්ටල ප්‍රදානයද, පුහුණුව සම්පූර්ණ කළ අභ්‍යාසලාභීන් 100දෙනෙකුට සහතික ප්‍රදානය, ප්‍රදේශයේ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම ද සිදුවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya