ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළියේ ජනතාව සාමකාමියි - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

    මාර්තු 08, 2018

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සර්ව ආගමික නායකයින්, ප්‍රාදේශිය ලේකම්වරුන්,ආරක්ෂක අංශ උසස් නිලධාරින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්.පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් අද (8) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මහනුවර ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සාකච්ඡව කැඳව තිබුණි.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල,දමිළ,මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් පවතින වර්තමානයේ තත්වයට මුහුණ දි සිටින බවත් නුවරඑළියේ ජනතාව සාමකාමීව සිටින බවත් දිස්ත්‍රික් ලේකම්එ ම්.බි.ආර්.පුෂ්පකුමාර මහතා පැවසිය.

    දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ, පවතින සමකාමි තත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ආගමික නායකයින්, මහ ජනතාව සහ ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ෂවයන් කැපවි කටයුතු කළ යුතු බව ය.

    මෙහිදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සාමකාමි වාතාවරණයක් පවතින බවයි. කෙසේ වෙතත් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව එක්ව දිස්ත්‍රික්කය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේ ය.


    මෙහිදි අදහස් දැක් වු මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් පෙන්වා දුන්නේ තම ආගම් අදහන ජනතාව දැනුවත් කර කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු නොවිමට තමන් වහන්සේලා වග බලා ගන්නා බව ය.

    මෙම අවස්ථාවට ශාසනාරක්ෂක බල මන්ඩලයේ හිටපු සභාපති උඩවෙල දම්මින්ද ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, නුවරඑළිය මුස්ලිම් මහ පල්ලියේ ප්‍රධාන පුජක ෆලිල් මවුලවිතුමන් ප්‍රමුඛ මවුලවිතුමන්ලා සහ හින්දු හා
    ක්‍රිස්තියානි පුජකතුමන්ලාත්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන මල්ලිකා අමරසේකර ,පි.ඒ.සරත්චන්ද්‍ර, නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි ඩි.එම්.යු.එම්.දිසානායක හැටන් කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    DMU/Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya