ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රටපුරා උදාගම්මාන 600ක් - අමාත්‍ය සජිත්

    මාර්තු 26, 2018
    මේ වන විට රටපුරා උදා ගම්මාන 600ක කටයුතු ආරම්භ වී තිබෙන බවත් වර්ෂ 2020 වන විට උදා ගම්මාන 2500ක් රටපුරා ඉදිකිරීම වත්මන් රජයේ ඉලක්කය බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින 50වැනි උදා ගම්මානය ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්, සංගමන්කණ්ඩි හි ඉදි වූ "සංගමන්ග්‍රාමම්" ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    2020 රජයේ ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා මෙම වසරේ දී තවත් උදා ගම්මාන 650ක් සහ 2019, 2020 වර්ෂවල ගම්මාන 650බැගින් ඉදිකිරීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ රටේම උදාගම්මාන 2500ක් ඉදිකිරීමෙන් අනතුරුව බවත් පැවසීය.
     
    රටේ සිටින පවුල් ලක්ෂ 60ගණනකින් පවුල් ලක්ෂ 25කටම නිවාස ගැටලු පවතින බවත් අද වන විට එම පවුල් ලක්ෂ 25 විවිධ ගැටලුවලින් පීඩා විඳිමින් සිටින බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා වත්මන් රජයේ නිවාස සංවර්ධන විප්ලවය තුළින් නව දේශපාලන විප්ලවයක් දියත් කර, රට තුළ පරිවර්තන යුගයක් ඇතිකිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya