ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි ව්‍යවසායකයින් වෙනුවෙන් නව වැඩසටහනක් ගාල්ලේ දී

    අප්‍රේල් 03, 2018

    පසු අස්වනු හානිය වළක්වා ගනිමින් සුලභ ආහාර අතිරික්තය භාවිතයට ගැනීමට හැකි අයුරින් සකස් කිරීම සඳහා දැනුවත් කිරීම සහ අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් රු.මි 7.2ක ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ.

    දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය මගින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතිපාදන මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය.

    මේ යටතේ ආහාර විජලන යන්ත්‍ර ලබා දිම සිදුකෙරෙන අතර හික්කඩුව ගොවි සංවිධාන 03ක්, යක්කලමුල්ල ගොවි කාන්තා සමිති 04ක්,ඉලක්ක කරගෙන මෙම යන්ත්‍ර සහ අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. කරන්දෙණියේ ප්‍රතිලාභින් 04ක් , අක්මීමන ප්‍රතිලාභින් 8ක් ඉමදුව ප්‍රතිලාභින් 03ක් මෙසේ ආහාර වියළන යන්ත්‍ර ලබා දීමට නියමිත ප්‍ර‍තිලාභීන්ය. අම්බලන්ගොඩ වියළන කොස් හා දෙල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා ප්‍රතිලාභින් 8කට ත් බලපිටියේ ප්‍රතිලාභින් 11කටත් මේ යටතේ යන්ත්‍ර ලබා දෙයි.

    මී මැසි පාලනය සහ මත්ස්‍ය වගාවටද මේ යටතේ රජයේ අනුග්‍රහය හිමි වන අතර වැලිවිටිය දිවිතුර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය යටතේ බලපත්‍ර ලබා දිම පුහුණු වැඩසටහන් හා මත්ස්‍ය පැටව් 1000ක් ලබා දීම සිදු කෙරේ. ඒකාබද්ධ මත්ස්‍ය වගාව සඳහා හික්කඩුව ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ රුමි 01කට ආසන්න මුදල් යෙදවීම මගින් එක් ව්‍යාපෘතියක් ද මීමැසි පාලනයට යොමු කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද ක්‍රියාත්මක කිරීමට නියමිත පසුගිය දා පැවති දිස්ත්‍රික් කෘෂි කමිටුවේදි දිස්ත්‍රික් කෘෂි කර්ම ඒකකය සදහන් කර සිටියි.

    DMU/galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya