ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    සුනාමි පෙරහුරුවක් ගාල්ලේ දී

    අප්‍රේල් 04, 2018

    සුනාමි පෙරහුරුවක් ඊයේ(03) උදෑසන ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දි පැවැත්විණි.

    අපදා කලමනාකරණ අමාත්‍යාංශය, අපදා කළමානකරණ මාධ්‍යස්ථානය සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල දායකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ මෙහෙය විමෙන් මෙම පුහුණු වැඩසටහන පැවැති අතර ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සියළු පාසල් දරුවන් මේ සඳහා එක්ව සිටියහ.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ දේශීය වැඩසටහන් අධ්‍යක්ෂිකා ලොවිටා රාම්ගුඩි මහත්මියද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. ගාල්ල වෙරළ තිරයට ආසන්නයේ පිහිටි පාසලක් වන විද්‍යාලෝක විද්‍යාලය, 2004 වසරේදි ද සුනාමි ආපදාවන් හමුවේ දැඩි හානියට පත් විදුහලකි. මෙම තතවය සැළකිල්ලට ගෙන පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන විද්‍යාලෝක විද්‍යාලයේ පවත්වන්නට වූ බව ගාල්ල ආපදා කළමානාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් දම්පත් රත්නායක මහතා සඳහන් කර සිටියේ ය.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya