ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනක්

    අප්‍රේල් 05, 2018

    2018 වසරේදි ගාල්ල දිස්ත්‍රික්කය තු‍ළ සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මකය.

    සිංහරාජ රක්ෂිත ප්‍රදේශයන්ට සමගාමිව පිහිටා ඇති ග්‍රාමිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙහි මුලිකම අරමුණයි. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන, විවිධ දුෂ්කරතාවයන්ගෙන් යුත් අවම පහසුකම් මේ යටතේ වැඩි අවධානයට ලක්වේ.

    ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වැඩ පිළිවෙලට අවශ්‍ය ප්‍ර‍තිපාදන සපයයි.තවලම, නියාගම, නෙළුව, සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මුලික කරගෙන මෙවැනි ව්‍යාපෘති 06ක් සදහා මුල්‍ය ප්‍ර‍තිපාදන මේ වන විට වෙන්ව ඇත.

    රුපියල් මිලියන 1.02ක ප්‍ර‍තිපාදන සියළුම ව්‍යාපෘති සදහා යොදවා ඇති අතර උඩුගම තවලම ප්‍ර‍ධාන මාර්ගයේ සිටි මල්හතාව ග්‍රාම නිලධාරි වසමේ ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරිම සහ උඩුගම
    තවලම ප්‍ර‍ධාන මාර්ගයේ සිටි පනංගල උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රවේශ මාර්ගය අදියර 02ක් යටතේ සංවර්ධනය කිරිම, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළ ද ක්‍රියාත්මකය. නාගොඩ ප්‍රාදේශීය ලේකම්
    කොට්ඨාශ බල ප්‍රදේශය තුළ උඩු වැලිවිටිය ගම්මැද්දේගොඩ ප්‍ර‍ධාන මාර්ග සංවර්ධනය කිරිම සදහා රුපියල් ලක්ෂ 02 මුල්‍ය ප්‍ර‍තිපාදන වෙන් කර ඇත.එමෙන්ම නෙළුව ගිගුරුව මිගහදෙණිය ග්‍රාමිය මාර්ගය සදහාද රුපියල් ලක්ෂ 1.5 ක මුල්‍ය ප්‍ර‍තිපාදන වෙන්කර ඇති බව දිස්ත්‍රික් සැලසුම් අංශය පසුගියදා පැවති සම්බන්ධිකරණ කමිටුවේදි පෙන්වා දෙනු ලැබිණ.

    DMU/Galle 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya