ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුව නියඟයට මාස තුනක්

    ජූලි 15, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය නිසා වතුර හිඟය මාස 03 පමණ කාලයක සිට පැවති බවත් ඊට විසඳුමක් ලෙස ජනතාව සඳහා හිඟුරක්දමන ගලේ පන්සලේ ඇති ළිඳෙන් වතුර බෙදාදීමට කටයුතු යොදා ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.


    පොලොන්නරුවේ ඇතැම් ළිංවල වතුර තිබුණත් ඒ වතුර බීමට සුදුසු නැති නිසාත් හිඟුරක්දමන ගලේ පන්සලේ ඇති ළිඳේ වතුර හොඳ නිසාත් සුළු මුදලක් දී ඉන් වතුර ලබා ගන්නා බව අබේසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    පොලොන්නරුවේ මේ කන්නයේ කුඹුරු වැඩ කර ඇත්තේ 50%ක් පමණි. අක්කර 25000ක් වන කවුඩුල්ලේ කුඹුරුවලින් මෙවර වගා කර ඇත්තේ අක්කර 3000ක පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya