නව නිවාස 25කින් සමන්විත මෙම නව උදා ගම්මානයේ නිවාසලාභීන් සඳහා නිවාස ඉදිකරගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබාදී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිවූ උදා ගම්මානයකි.
සෑම නිවසක් ම පර්චස් 20කින් සමන්විත ගෙවත්තකින් යුක්ත වන අතර ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 26.3කි.
මෙම නිවාස ගම්මානය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සමඟාමීව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක වටිනාකමින් යුතු විසිරි නිවාස ණය චෙක්පත් ලබාදීමද, ප්‍රතිලාභීන් 50දෙනෙකුට රුපියල් ලක්ෂ 100ක වටිනාකමින් යුතු සොඳුරු පියස නිවාස ණය ලබාදීමද, වකුගඩු රෝගීන් 50දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 128ක් වටිනා නිවාස ආධාර පිරිනැමීම, ශිල්ප සවිය ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරාගත් අභ්‍යාසලාභීන් 180දෙනෙකුට රුපියල් ලක්ෂ 60ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, විෂයානුබුද්ධ පෙළපොත් සහ නිල ඇඳුම් කට්ටල ප්‍රදානය, ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 300දෙනෙකු වෙත රුපියල් 300,000ක් වටිනා ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.



















