ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    “සේවා පියස” මධ්‍යස්ථාන විවෘත කරයි

    මැයි 22, 2018

    රුපියල් ලක්ෂ 40 ක වියදමකින් බදුල්ල, රඹුක්පොත හා කැන්දගොල්ල ග්‍රාම සේවා කොට්ඨාශවල ඉදි කළ “සේවා පියස” මධ්‍යස්ථාන විවෘත කෙරේ.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සුරතින් සේව පියස විවෘත කිරීම සිදු විය.

    විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා මෙසේ අඳහස් දැක්වීය.


    “ගමේ ජනතාවට ගමට සම්බන්ධ නිළධාරීන්ගෙන් රාජකාරී කටයුත්තක් කරගන්න ගියාම ඒ නිළධාරීන් හොයා ගන්නත් නැහැ. ජනතාවට ඒ අය හොයාගෙන තැන්තැන්වලට යන්න වෙනවා. ඒකට හේතුව තමයි ඒ නිළධාරීන්ට රාජකාරී කටයුතු කරගෙන යාමට ස්ථිර ස්ථානයක් නොමැතිවීම. ඒ අයට කාර්යාලයක් පවත්වාගෙන යන්නත් රජයෙන් ගෙවන්නේ ඉතාම සුළු මුදලක්. නිළධාරීන් පස්සේ ඒ අය හොය හොයා යන එක ජනතාවටත් හිරිහැරයක්, නිලධාරීන්ටත් හිරිහැරයක්. මේ තත්ත්වය තුළ නිළධාරීන්ට රාජකාරී කටයුතුත් එපා වෙනවා. ජනතාවට නිළධාරීනුත් එපා වෙනවා. ඒත් සේවා පියස විවෘත කිරීමෙන් පසුව ජනතාවටත්, නිළධාරීන්ටත් සේවා ලබා ගැනීමටත්, සේවා සැපයීමටත් ඒක ලොකු පහසුවක්. ගමේ ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට ග්‍රාම නිළධාරීවරයාත්, සමෘද්ධි නිළධාරීවරයාත්, කෘෂි පර්යේෂණ නිළධාරීවරයාත්, ආර්ථික සංවර්ධන නිළධාරීවරයාත් හම්බවෙන්න මේ එකම වහළ යටින් පුළුවන්.

    විශේෂයෙන් ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ගමට සම්බන්ධ වී සිටින නිළධාරීන්, කුමන හෝ පක්ෂයක දේශපාලන නියෝජිතයන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි. ගමේ සිටින අඩු ආදායම්ලාභී ජනතාව නඟා සිටුවන්න මේ නිළධාරීන් කැපවීමෙන් වැඩ කළ යුතුයි. විශේෂයෙන්ම අරක්කු, සිගරට් වැනි දේවල්වලට ඇබ්බැහි වෙච්ච ගමේ බොහෝ දෙනෙක්ගේ ජීවන තත්ත්වය ඉතාම පහළ මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ “මත්පැන්, දුම්වැටි ව්‍යසනයෙන් රට බේරා ගැනීමේ වැඩ සටහන” ක්‍රියාවට නැංවීමට ගමට සම්බන්ධ මේ නිළධාරීන් මැදිහත් විය යුතුයි. භෞතික වශයෙන්ප මණක් නොව ජනතාවගේ සිතුම් පැතුම් හා අකල්ප වෙනස් කිරීමද නිළධාරීන්ගේ වගකීමයි. ඔවුන්ගේ දරු පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීමද කළ යුතුයි.

    ඒ වගේම කෘෂි පර්යේෂණ නිළධාරීන් හා ආර්ථික සංවර්ධන නිළධාරීන් නව නිර්මාණාත්මක දේවල් තුළින් ගැමි ආර්ථිකය නංවන්න කටයුතු කිරීම වැදගත්. ජනාධිපතිතුමාගේ ගැමි ශක්තිය වැඩසටහන තුළින් අපේ රටේ විවිධ ප්‍රදේශවලට ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. ඒ අතරින් බදුල්ලට මල් වගා කිරීම යෝජනා වෙලා තියෙනවා. බදුල්ල ප්‍රදේශය මල් වගා කිරීමට උචිත දේශගුණික තත්ත්වයක් පවතිනවා. ඒ වගේම මොණරාගල ප්‍රදේශයේ මුඩු ඉඩම්වල තණකොළ වගා කිරීමට සුදුසු බවට හඳුනාගෙන තියෙනවා. අපේ සත්ත්ව ගොවිපළවල්වල ඉන්න සතුන් සඳහා අවශ්‍ය කරන තණකොළ ලබා ගැනීමේ අරමුණින් තමයි එහෙම කරන්නේ. ඒ තුළිනුත් ජනතාවට ආර්ථික වාසි සලසාගන්න පුළුවන්. ඒ වගේම පළතුරු වැවීම ඒ ඒ දේශගුණයන්ට ඔරොත්තු දෙන පරිදි තෝරාගෙන තියෙනවා. මේ විදියට නිර්මාණශීලි ආර්ථික රටාවක් හඳුනාගෙන ගම තුළ ක්‍රියාත්මක කිරීම ගමට සම්බන්ධ නිළධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් බවත් අමාත්‍යවරයා ප්‍රකශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya