මෙම උදා ගම්මානයේ මුළු නිවාස ගණන 24කි. සුභසෙන්පුර ගම්මානයේ ඉදිකිරීම් 2016 වසරේ ජූලි මාසයේ දී ආරම්භ විය. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබා දී තිබේ. මෙම උදා ගම්මානය ද සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
සුභසෙන්පුර ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3.87කි. සෑම නිවසකටම පර්චස් 15බැගින් ලබා දී තිබේ. මෙම ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් මිලියන 26.3කි.



















