මෙම ජංගම සේවා වැඩසටහනට පල්ලෙපේරුව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 712කින් ගැටලු 259ක් ඉදිරිපත් විය. මෙහිදී ගැටලු 110ක් සඳහා විසඳුම් එදිනම ලබා දුන් අතර ඉදිරි කටයුතු සඳහා යොමුකළ ගැටලු සංඛ්‍යාව 148කි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ ග්‍රාම නිලධාරී වසම් 567ක මෙම ජංගම සේවා පැවැත්වෙන අතර මේ වන විට ග්‍රාම සේවා වසම් 226ක ජංගම සේවා අවසන් වී තිබේ. මේ සඳහා සහභාගී වූ 85,968ක පිරිසකගෙන් ඉදිරිපත් වූ ගැටලු 92,749ක් අතුරින් ගැටලු 39,185ක් සඳහා එම දිනවලදීම විසඳුම් ලබාදීමට නිලධාරීන්ට හැකි විය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික්කය තුළ මෙම ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
DB/BH