ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක සත්කාරක නිවාස වැඩමුළුව දෙණියායේ දී- ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක්

    ජූලි 07, 2018

    දිවයින පුරා ක්‍රියාත්මක වන සංචාරක සත්කාරක නිවහන්  වැඩිදියුණු කිරීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පසුගියදා ක්‍රියාත්මක වූ අතර මෙහි වැඩමුළුවක් දෙනියාය කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්විණි

    සත්කාරක නිවාස සාමාජිකයින් 161 දෙනෙකු පමණ මේ අවස්සථාවට හභාගී වූ අතර , මෙම ණය යෝජනා ක්‍රමය සහ ඒ සඳහා සංචාරක ව්‍යාපාරයට ලබාදෙන දායකත්වය සම්බන්ධව මහජන බැංකු මාතර දිස්ත්‍රික් ප්‍රධාන කළමණාකාරතුමන් විසින් පැමිණි සිටි පිරිස දැනුම්වත් කරනු ලැබුවා.මෙම ණය සඳහා පොළී අයකිරීමේදී ද සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඒ යටතේ 14%ක් වන පොළී අනුපාතිකයෙන් 6%ක් දක්වා මහා භාණ්ඩාගාරය විසින් ගෙවීම් සිදු කෙරේ.

    තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික ජයරත්න මහතා,කොටපොල ප්‍රාදේශීය සභා සභාපතිතුමා, විපක්ෂ නායකතුමා සහ නාගරික මන්ත්‍රීවරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    මෙම ණය ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු 2426800 දුරකත අංකයෙන් (දිගු අංක 250) හරහා ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya