ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණයට මිලියන 9000ක්

    ජූලි 09, 2018
    මෙරට වැව් පද්ධතිය තුළ ඇති කුඩා වැව් 13,000ට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 9000ක් රජය විසින් වෙන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    මෙරට වැව් පද්ධතිය තුළ ඇති වැව් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අවශ්‍ය තරම් ජලය රදා නොපැවතීම වැව් කන්ඩිය දුර්වල වීම, රොන් මඩ පිරීම වැනි හේතු නිසා කුඩා වැව් විශාල ප්‍රමාණයක් විධිමත් පරිදි කෘෂිකාර්මික කටයුතුවලට දායක කර ගැනීමට නොහැකි වී තිබේ.
     
    එමෙන්ම ගොවින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී ගොවීහු විසින් රජයෙන් කළ ඉල්ලීම්වලට සැලකිල්ලක් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යෘංශය විසින් වැව් “දහසක් - ගම් දහසක්”  වැඩසටහන යටතේත් අතිගරු ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ යටතේත් මෙම වැව් පද්ධතියේ ප්‍රතිසංස්කරන වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ සඳහා රජය විසින් වැය කරන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 9000ක් පමණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ සියලු ම ආයතනවල නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත.
     
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැව් දහසක් - ගම් දහසක් වැඩපිළිවෙළ යටතේ මෙම වසරේදී වැව් දහසක් සහ එම වැව් යටතේ තිබෙන ගම් දහසක් සංවර්ධනය කෙරේ. ඒ යටතේ ගොවිතැන් කටයුතු නගා සිටුවීම, ක්ෂුද්‍රමුල්‍ය ණය පහසුකම්, වනාත සහ කට්ටකඩුව සංවර්ධනය, පැළ රෝපනය, බීජලබාදීම ඇතුලු ගොවිජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත.
     
    මෙහිදී වැඩිදුර අදහස් පලකළ අමාත්‍යවරයා මේ රජය තරම් ගොවිජයාට සහන සැලසූ වෙනත් රජයක් මෙතෙක් නොතිබුණ බවද, ගොවීන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු දායක මුදලක් අය නොකර හෙක්ටයාර එකකට රු.100,000 බැඟින් වගා හානි වන්දි ලබා දීමට රු.මි.5228ක් ද , පොහොර සහනාධාරය සඳහා රු.මි. 33,000ක් ද අනායනික කෘෂි උපකරණ සියල්ල තීරුබදු වලින් නිදහස් කර දී තිබෙන බවත් ප්‍රකාශ කළේය.
     
    ගොවිජනතාවට තවදුරටත් ඔවුන්ට ලබා දිය යුතු සහන වේ නම් ඒවාත් ලබා දීමට රජය කටයුතු කරන බව සඳහන් කළේය. මෙම අවශථාවට අමාත්‍යංශ ලේකම් බී. විජයරත්න මහතා ද සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya