ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජයෙන් නිවාස සංවර්ධනයට අසීමිත ශක්තියක් - නිවාස ඇමැති

    ජූලි 23, 2018
    වත්මන් යහපාලන රජය විසින් වර්තමානයේ ක්‍රියාත්මක වන නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අසීමිත ශක්තියක් ලබා දී තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උක්සිරිපුර ප්‍රදේශයේ ඉදි වූ "තුරුඋදුගම" සහ "මුවසිරිගම" යන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි.
     
    මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ද්විත්ව ශක්තිය හා නායකත්වය තුළ ඉතා සීඝ්‍රගාමී නිවාස සංවර්ධන වැඩසටහන් රටපුරා දියත්කිරීමට හැකියාව ඇති බවත් නිවාස වැඩසටහන දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි දිවයින පුරා උදා ගම්මාන 906ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇති බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ අනුව ලබන වසරේ දෙසැම්බර් 31වන විට උදා ගම්මාන 2500ක් ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ද පැවසීය.
     
    රටේ ද්විත්ව නායකත්වය හා ශක්තිය යටතේ යහපාලන රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ හරහා 2025 වන විට මෙරට සැමට සෙවණ ලබාදීමට කැප වී කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya