විධායක සභා රැස්විම සඳහා විශ්ව තැපැල් සංගමයේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු විදේශ නියෝජිතයින් 150ක් පමණ සහභාගිවීමට නියමිතය.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක සමුළුවෙන් පසුව රටවල් 32ක සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ ප්‍රතිරූපය ජාත්‍යන්තරයට ගෙන යාමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහාත් මහඟු පිටුවහලක් වනු ඇත.
මේ හරහා කලාපීය තැපැල් සේවා සබඳතා වැඩිදියුණු කරගැනීමෙන් ශ්‍රී ලංකා තැපෑලට ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත් එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයටත් රුකුලක් වනු ඇත.
DB