අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    හිඟයකින් තොරව පොහොර ලබා දිමට පියවර -කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර

    නොවැම්බර් 02, 2018

    පොහොර සහනාධාරය නැවත ලබා දීම හේතුවෙන්, වගා කිරිම සඳහා අවශ්‍ය පොහොර වල ඉල්ලුම ඉහළ යා හැකි බැවින් මහ කන්නය සඳහා හිඟයකින්  තොරව ගොවි ජනතාවට පොහොර ලබා දිමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස්  කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද(02) කෘෂිකර්ම අමාත්‍යාංශයේදි පැවති සාකච්ඡාවක දි නිලධාරින්ට  උපදෙස් ලබා දි තිබේ.

    මෙම සාකච්ඡාව සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය,ලංකා පොහොර  සමාගම,කොමර්ෂල් පොහොර  සමාගම යන ආයතන වල නිලධාරින් සහභාගි විය.

    2018/19 මහ කන්නය සඳහා යුරියා මෙ.ටොන් 37,500 ද,ත්‍රිිත්ව සුපිරි පොහොර (TSP)මෙ.ටො1,50,000 ද,මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙ.ටො 46,000 ක් ප්‍රමාණයක් අවශ්‍ය වේ.

    මෙවර මාස් කන්නයේ බඩඉරිඟු,උඳු ඇතුළු ධාන්‍ය වැඩිපුරු වගාකරන බැවින් රසායනික පොහොර සඳහා ද මෙම හිඟය  ඇති විය හැකි බැවින් ඒ සඳහා ද  අවශය පියවර ගන්නා ලෙස ඇමති වරයා අද(02) පැවැති සාකච්ඡාවේ දි පැවසු බව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya