ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චියේ ද්විතීයක පාසල් සිසු අයිතියට පත්කිරීම හෙට

    ජූලි 26, 2014
    කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය, මුරුගානන්ද විද්‍යාලය හා වරණි විදුහල යන පාසල් මහින්දෝදය ද්විතීයක පාසල් ලෙස සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) සිදු කෙරේ.
     
    මෙම පාසල්වල නව ගොඩනැගිලි ඉදිකිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදිය සඳහා රජය රුපියල් මිලියන 135ක් වැය කර තිබේ. මීට අමතරව මෙම පාසල්වල ඉදිකර තිබෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ද ඉදිරියේදී සිසු අයිතියට පත් කිරීමට නියමිතය.
     
    මෙම වකවානුව තුළ මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගනිමින් අධ්‍යාපනයේ දැවැන්ත හැරවුමක් සනිටුහන් කරමින් මහින්දෝදය ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීම සිදු වෙමින් පවතී. මෙම පාසල්වල ඉදිකර තිබෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ද කඩිනමින් සිසු අයිතියට පත්කිරීමට නියමිතය.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya