ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    කල්පිටිය ඊච්ච්න්කඩුව වෙරළ තීරය පිරිසිදු කරයි

    මාර්තු 20, 2019

    ''රට වෙනුවෙන් එක්ව සිටිමු'' ජාතික වැඩසටහන යටතේ කල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඊච්ච්න්කඩුව වෙරළ  තීරය පිරිසිදු කිරීම අද (20) දවස පුරා සිදු සිදුකෙරේ.

    සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරමින් වෙරළ සංරක්ෂණය කිරීමේ පියවරක් ලෙස අද දිනයේ මෙම  වැඩසටහන ක්‍රියාවට නැගෙන බව ජනාධිපති කාර්යාලයේ පරිසර සංරක්ෂණ අධ්‍යක්ෂ නෙරංජලා ජයවීර  මහත්මිය ප්‍රකාශ කළාය.

    අද දවස පුරාවට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව  කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පැවසීය.  ඒ අනුව ජාතික වැඩසටහන යටතේ පානීය ජල පෙරණ ලබා දීමත්, මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ ව ජනතාව දැනුවත්  කිරීමත්, ජනතාවගේ විවිධ ගැටලු සම්බන්ධ දැනුවත් කිරීම්ද ක්‍රියාත්මකවන බව ද සෝමතිලක මහතා තව දුරටත්  කීය.

    මෙම ඊච්ච්න්කඩුව වෙරළ තීරය පිරිසිදු කිරීම සදහා කල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, ඊච්ච්න්කඩුව නාවික  හමුදා කදවුරේ නිලධාරීන් හා සංචාරක සංගමයේ නියෝජිතයන්ද සම්බන්ධ වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya