ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවට එරෙහිවෙනවා

    අප්‍රේල් 05, 2014
    උතුරු ප්‍රදේශයේ සංවර්ධනය හා ජනතාවගේ ජීවත්වීමේ මාර්ග වැඩිදියුණු කිරීමට නොහැකි වන අයුරින් පිදුරු ගොඩේ ලගින සුනඛයකු ලෙස දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව ඊ.පී.ඩී.පී. මහලේකම් හා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ නිරාවිඅඩියේ පිහිටා ඇති ඉලංගයිවේන්දන් කලා නිකේතනයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.
     
    පළාත් සභාව තුළින් ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න මෙන්ම දේශපාලනික කරුණු ද විසඳිය හැකි බවත් නමුත් පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ජනතාවට බොරු පොරොන්දු දී හැඟීම් අවුස්සන ප්‍රකාශ කොට ජනතාව රවටා බලයට පැමිණි දෙමළ ජාතික සංධානයේ පිරිස් පළාත් සභාව තුළ සිටිමින් සංවර්ධන කටයුතු හා දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වළක්වාලමින් කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
     
    අපේ ජනතාව සිය ජීවන මාර්ග නංවාගැනීමට හා ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට සමාජයක් වශයෙන් එක්ව නැගී සිටිය යුතු යැයිද එසේ නොමැතිව වෙනත් කෙනෙකුට අතපා සංවර්ධනය ළඟා කරගත නොහැකි බවද පැවසීය.
     
    ඉන්දු ලංකා ගිවිසුම හරහා ලැබුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි බව පෙන්වාදී එය ක්‍රියාවට නංවන්නැයි කියා පසුගිය කාලය පුරා හඬනගද්දී දෙමළ ජාතික සන්ධානය එය කාලෝචිත නොවන විසඳුමක් යැයි කියමින් එය කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බව ප්‍රකාශ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අද ඔවුන් පළාත් සභා බලය ලබාගෙන ජනතාවගේ පළාත් සභා පාලනය තුළින් විසඳිය හැකි ප්‍රශ්න නොවිසඳා කටයුතු කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya